තිහගොඩ ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය මගින් සපයනු ලබන සේවාවන්
1. විද්‍යාගාර විශ්ලේෂන සේවා
- ප්‍රතීතනය වූ විද්‍යාගාර මගින් පස් සාම්පල පරීක්ෂා කර වාර්තා ලබා දීම.
- ප්‍රතීතනය වූ විද්‍යාගාර මගින් කුරුඳු, කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන වල ප්‍රමිති පරාමිතීන් සහ කුරුඳු තෙල් අපනයනය කිරීමේදී අවශ්‍ය වන සංඝටක විශ්ලේෂණය.
2. ක්ෂේත්‍ර පරීක්ෂණ සේවා
- කුරුඳු ඉඩම් පරීක්ෂා කර, වගාව වැඩි දියුණු කිරීමට හෝ පවත්නා වගාවෙහි ගැටළු විසඳා දීමට උපදෙස් ලබා දීම.
- වගා ක්ෂේත්‍රයේ රෝග සහ පළිබෝධ හඳුනාගැනීම සහ කළමණාකරණ උපදෙස් ලබා දීම.
3. උපදේශන සේවා
- තවාන් මට්ටමේ සිට ඉඩම් තෝරා ගැනීම, බෝග ස්ථාපනය, වගා කළමණාකරණය, අස්වනු සැකසීම, පසු අස්වනු තාක්ෂණය සහ අගය එකතු කළ නිෂ්පාදන සකස් කිරීම සඳහා උපදෙස් ලබා දීම.
4. පුහුණු සේවා
- කුරුඳු කර්මාන්තයේ සෑම පියවරක් සඳහාම අවශ්‍ය පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීම.
- ජංගම පුහුණු ඒකකය මඟින් ග්‍රාමීය මට්ටමේ පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීම.
5. පර්යේෂණ සහායන් සහ වෙනත් සේවා
- විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් සඳහා කර්මාන්තගත සේවාස්ථ පුහුණුව ලබා දීම.
- නව කුරුඳු ප්‍රභේද සහ පර්යේෂණ කටයුතු සඳහා රෝපණ ද්‍රව්‍ය ලබා දීම.
- කුරුඳු තෙල් නිස්සාරණ ඒකකය බාහිර පාර්ශවයන් සඳහා ගෙවීමේ පදනම යටතේ ලබා දීම.
- කුරුඳු කැපුම් යන්ත්‍රය සහ කුරුඳු කැබලි කිරීමේ යන්ත්‍රය බාහිර පාර්ශවයන් සඳහා භාවිත කිරීමට අවස්ථාව ලබාදීම.
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සේවාවන්
1.පැළ තවාන් ලියාපදිංචි කිරීම සහ මාර්ගෝපදේශනය
- කුරුඳු පැළ තවාන් ලියාපදිංචි කිරීම.
- නිකුත් කිරීමට සුදුසු පැළ සහතික කිරීම.
- තවාන් ශිල්පීන්ට උසස් තත්ත්වයේ කුරුඳු පැළ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම.
2.ගොවි පුහුණු හා ක්ෂේත්‍ර දින වැඩසටහන්
- යහපත් කෘෂිකාර්මික භාවිතයන්, ඵලදායීතා ප්‍රවර්ධනය සහ තිරසාර ගොවිතැන් ක්‍රම පිළිබඳව පුහුණු සැසි සහ ක්ෂේත්‍ර දින.
3. GAP ක්‍රියාත්මක කිරීම සහ සහතික කිරීමේ මාර්ගෝපදේශනය
- යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) සහතිකය ලබා ගැනීම සඳහා සහාය.
4. GI අනුකූලතාව පිළිබඳ මාර්ගෝපදේශනය
- අගය දාමයේ සියලු පුරුක් වෙත භූගෝලීය දර්ශක සහතිකකරණයට (GI) අනුකූලතාව ලබා ගැනීමට උපකාර කිරීම.
5.ස්ථානීය පාංශු pH පරීක්ෂණ
- කුරුඳු සඳහා ප්‍රශස්ත අස්වැන්නක් සහතික කිරීම සඳහා පස් pH පරීක්ෂණ සිදු කිරීම.
6. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- කුරුඳු කර්මාන්තයේ විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා සංවර්ධන වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම.
7.ක්ෂේත්‍ර පරික්ෂණ හා උපදේශන සේවා
- ප්‍රගතිය අධීක්ෂණය කිරීම සහ ගොවීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා නිතිපතා ක්ෂේත්‍ර පරීක්ෂණ පවත්වනු ලැබේ.
8. කර්මාන්තශාලා සඳහා තාක්ෂණික සහාය
- කුරුඳු සැකසුම් කර්මාන්තශාලා පිහිටුවීම සඳහා තාක්ෂණික දැනුම සහ නිවැරදි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා මඟ පෙන්වීම.
9. අගය එකතු කිරීම සහ අපනයනය ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන්
- අගය එකතු කිරීමේ ශිල්පීය ක්‍රම සහ අපනයන වෙළඳපල සූදානම කෙරෙහි අවධානය යොමු කළ විශේෂිත පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
10. සහතික කිරීමේ සහාය
- GMP, HACCP සහ ISO තත්ත්ව සහතික ලබා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම.