අස්වනු නෙළීම, පශ්චාත් සැකසුම් පහසුකම් සහ සහතික කිරීම සඳහා ආයෝජන ආධාර
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවර්ධන අංශය කුරුඳු නිෂ්පාදන සැකසීම, අගය එකතු කිරීම, ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ සහතික කිරීම ප්‍රවර්ධනය කෙරේ. මෙම වැඩසටහන ප්‍රාථමික හා ද්විතීයික සැකසුම් පහසුකම්, නිෂ්පාදන විවිධාංගීකරණය සහ ජාත්‍යන්තර හා ජාතික තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල වීමට සහාය වේ.
ආයෝජන ආධාර යෝජනා ක්‍රමය මගින් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, අගය එකතු කිරීම සඳහා සහාය වීම සහ පිළිගත් සහතිකකරණ ප්‍රමිතීන්ට අනුකූල වීමට පහසුකම් සැලසීම මගින් ගෝලීය වෙළඳපොළ තුළ ලංකා කුරුඳු වල තරඟකාරිත්වය ශක්තිමත් කරයි. ආයෝජන ආධාර ගෙවීමේ වගුව (attachment) අනුව අනුමත ව්‍යාපෘති සැලසුම් මත පදනම්ව හෝ මුළු බිල්පතෙන් අවම වශයෙන් 45% ක ආධාර ලබා දෙනු ලැබේ.
වැඩසටහන් සංරචක
ආයෝජන ආධාර ප්‍රධාන කාණ්ඩ අටක් යටතේ සපයනු ලැබේ:
- ශෂය විද්‍යාත්මක ක්‍රියාකාරකම් ඉටුකිරීම සඳහා උපකරණ/යන්ත්‍ර සූත්‍ර සැපයීම
- අස්වනු සැකසීමේ උපකරණ/යන්ත්‍ර සූත්‍ර සැපයීම
- කුඩා/මධයම පරිමාණයේ සැකසුම් මධ්‍යස්ථාන (ගොඩනැඟිලී පිිහිටුවීම/අළුත්වැඩියාව)
- කේන්ද්‍රීය සැකසුම් මධ්‍යස්ථාන පිිටුවීම
- වාෂ්පශීලී තෙල් නිස්සාරණ ඒකක අලුතින් ඉදිකිරීම/ අළුත්වැඩියාව
- ගබඩා පහසුකම්
- අගය එකු කළ නිෂ්පාදන කර්මාන්තත පහසුකම්
- සහතික කිරීමේ සහාය – ISO 22000, HACCP, FSSC, GMP, BRC, කාබනික සහ අනෙකුත් අදාළ ප්‍රමිතීන් ඇතුළුව ජාත්‍යන්තරව පිළිගත් සහතික ලබා ගැනීම සහ අලුත් කිරීම සඳහා මූල්‍ය සහාය ලබා දීම
අයදුම් කළ හැක්කේ කාටද?
- කුරුඳු ගොවි සංවිධාන
- වතු හිමියන් සහ කුඩා, මධ්‍යම හෝ මහා පරිමාණ කුරුඳු වගාකරුවන්
- සැකසුම් පහසුකම් ස්ථාපිත කිරීම හෝ වැඩිදියුණු කිරීමට කැමති ව්‍යවසායකයින්
- සහතික කිරීම සඳහා අපේක්ෂිත සැකසුම් මධ්‍යස්ථාන
සුදුසුකම් ලත් ආයෝජන
- සැකසුම් පහසුකම්: යන්ත්‍රෝපකරණ, ඉදිකිරීම් සහ උපකරණ ලබාගැනීම සඳහා සහාය වීම
- සහතික කිරීම: නිෂ්පාදන / ක්‍රියාවලි සහතික ලබා ගැනීම සඳහා ආධාර (වසර 3 දක්වා) සහ අලුත් කිරීම (අතිරේක වසර 2)
අවශ්‍ය ලේඛන
අයදුම්කරුවන් පහත සඳහන් දෑ ඉදිරිපත් කළ යුතුය:
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත
- ව්‍යාපෘති යෝජනාව:
- ආයෝජනයේ අරමුණ
- යෝජිත පද්ධතිය හෝ පහසුකම
- අපේක්ෂිත ප්‍රතිලාභ (උදා: අගය එකතු කිරීම, තත්ත්ව වැඩිදියුණු කිරීම, වෙළඳපල තරඟකාරිත්වය)
- සවිස්තරාත්මක පිරිවැය ඇස්තමේන්තු කිරීම (අදාළ අවස්ථාවලදී සැපයුම්කරු / කොන්ත්‍රාත්කරු විසින් සකස් කරන ලද)
- ඉඩම හෝ පහසුකම් වල අයිතිය පිළිබඳ ලේඛන (ඔප්පුව හෝ නීත්‍යානුකූලව පිළිගත් ලියවිල්ලක්)
- ඉදිකිරීම් හෝ ස්ථාපනය සඳහා ගොඩනැගිල්ල / පහසුකම් සැලසුම හෝ සැකැස්ම
- ජාතික හැඳුනුම්පතේ පිටපතක්
- බැංකු පාස්පොතේ පිටපතක්
අවශ්‍ය ලියකියවිලි නොමැතිව අසම්පූර්ණ ගොණු හෝ අයදුම්පත් සඳහා ඉදිරි කටයුතු ඉටු කරනු නොලැබේ.
අයදුම් කරන්නේ කෙසේද?
- කාර්යාල වේලාවන් තුළ ළඟම ඇති සංවර්ධන නිලධාරී කාර්යාලයට (වැඩ කරන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා)
- ප්‍රධාන කාර්යාලයට හෝ ගම්පහ කලාප කාර්යාලයට
සේවාව සපයනු ලබන ආකාරය
- අයදුම්පත ලැබීමෙන් පසු කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය / පහසුකම පරීක්ෂා කර ව්‍යාපෘති යෝජනාව ඇගයීමට ලක් කරනු ලැබේ. ඒම සලකා බැලීම් අතර:
- ගොඩනැගිලි / ඉදිකිරීම් භූමියේ යෝග්‍යතාව
- භූමියේ අයිතිය පිළිබඳ සාක්ෂි
- අයදුම්කරුගේ මූල්‍ය ශක්තිය සහ මෙහෙයුම් ධාරිතාව
- ව්‍යාපෘති යෝජනාවේ ශක්‍යතාව
- සුදුසුකම් ලත් ව්‍යාපෘති, ආයෝජන ආධාර යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි වේ.
- ඉදිකිරීම්, යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම හෝ සහතික කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.
- ස්ථාපනය, ඉදිකිරීම් හෝ සහතික කිරීමේ අනුකූලතාව තුළ තාක්ෂණික සහාය ලබා දෙනු ලැබේ.
- අනුමත කාලසටහනට අනුව (මුළු පිරිවැයෙන් අවම වශයෙන් 45% ක් හෝ ආයෝජන ආධාර සැලැස්මට අනුව) ව්‍යාපෘතිය, න්ත්‍රෝපකරණ මිලදී ගැනීම හෝ සහතික කිරීම සාර්ථකව නිම කිරීමෙන් පසු මූල්‍ය ආධාර නිකුත් කරනු ලැබේ.
සේවා සැපයීමේ කාල රාමුව
- ව්‍යාපෘතියේ සංකීර්ණත්වය සහ සම්පූර්ණ කිරීමට යන කාල සීමාවන් මත පදනම්ව, අයදුම් කළ දින සිට මාස 6 සිට වසර 1 දක්වා.
- සහතික කිරීමේ ව්‍යාපෘති: මූලික සහතික කිරීම සඳහා පළමු වසර සහ අලුත් කිරීම සඳහා 2 අමතර වසර දක්වා
වගකිව යුතු නිලධාරීන්
- කොට්ඨාශ භාර අදාළ සංවර්ධන නිලධාරී
- අදාළ දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) / නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන)
මෙම ඒකාබද්ධ වැඩසටහන හරහා:
- කුරුඳු සැකසුම් යටිතල පහසුකම් තිරසාර සංවර්ධනය
- නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ අගය එකතු කිරීම
- ජාත්‍යන්තරව පිළිගත් සහතික වලට අනුකූල වීම
- ගෝලීය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ලංකා කුරුඳු නිෂ්පාදනවල තරඟකාරිත්වය ශක්තිමත් කිරීම