ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව විවෘත කරයි

ප්‍රධාන කාර්යාලය, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, 10.07.2024 – අද, ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල සමාරම්භක උත්සවයට සහභාගී වන අතර එය ජාතියේ ආර්ථික පසුබිමට කුරුඳු කර්මාන්තයේ උපායමාර්ගික වැදගත්කම අවධාරනය කරයි. කුරුඳු ක්ෂේත්‍රයේ දේශීය ජීවනෝපාය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ යන දෙඅංශයේම දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් කුරුඳු ක්ෂේත්‍රයේ වර්ධනය ප්‍රවර්ධනය කිරීමට රජය දක්වන කැපවීම ජනාධිපති වික්‍රමසිංහ මහතා සිය සංචාරයේදී අවධාරණය කරනු ඇත.

සමාරම්භක උත්සවයේ කොටසක් ලෙස, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සිය නිල වෙබ් අඩවිය දියත් කරන අතර, එමගින් කර්මාන්ත සහයෝගීතා ප්‍රවර්ධනය කිරීමට සහ ලොව පුරා සිටින පාර්ශ්වකරුවන්ට තීරණාත්මක තොරතුරු බෙදා හැරීමට වේදිකාවක් සපයයි.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact