කුරුඳු වගාවේ පාංශු පෝෂක කලමනාකරණය

පාංශු පෝෂක ශාකයේ මුල් මගින් උරා ගැනීමට හැකි ආකාරයට තිබීම අවශ්‍ය බැවින් පාංශු තෙතමනය, තෙතමන සංරක්ෂණ ක්‍රම  මගින් රඳවා ගැනීම , පසේ ආම්ලිකතාවය – ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සහ පසේ හිතකර ක්ෂුද්‍ර ජීවීන් සඳහා පාංශු කළමනාකරණ ක්‍රම පවත්වාගැනීම අවශ්‍ය වේ. පසේ ආම්ලිකතාවය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා ඩොලමයිට භාවිතා කරන අතර , ඩොලමයිට් යොදා අවම වශයෙන් සති හයක කාලයක් ගතවූ පසු පොහොර දැමීම සිදු කරයි.

රසායනික පොහොර නිර්දේශයන්ට අමතරව ඒකාබද්ධ ශාක පෝෂක කලමණාකරණය එනම්  වසරක් සඳහා නිර්දේශිත රසයනික් පොහොර මිශ්‍රණයෙන් අඩක් (50 g )  සමග කොම්පෝස්ට් පොහොර කිලෝග්‍රෑම් එකක් එක් කුරුඳු පඳුරකට දැමීම  බහුවාර්ෂික බෝගයක් වන කුරුඳු සඳහා වඩාත් සුදුසුය. 

වගුව 01 :පළමු වසර සඳහා යෙදිය යුතු පොහොර ප්‍රමාණය වගා පරතරය  අනුව

පෝෂකය

පොහොර වර්ගය

අඩි 4 x 3 පරතර

පඳුරකට ග්‍රෑම්

අඩි 4 x 2  පරතර

පඳුරකට ග්‍රෑම්

අක්කරයකට කිලෝග්‍රෑම්

N – නයිට්‍රජන්

යුරියා

17

11

60

P – පොස්ෆරස්

මියුරියෙට්  ඔෆ් පොටෑෂ්

8

6

30

K – පොටෑසියම්

එප්පාවල රොක් පොස්පේට්

8

6

30

 

වගුව 02 :  දෙවන වසර සඳහා යෙදිය යුතු පොහොර ප්‍රමාණය වගා පරතරය  අනුව

පෝෂකය

පොහොර වර්ගය

අඩි 4 x 3 පරතර

පඳුරකට ග්‍රෑම්

අඩි 4 x 2  පරතර

පඳුරකට ග්‍රෑම්

අක්කරයකට කිලෝග්‍රෑම්

N – නයිට්‍රජන්

යුරියා

34

22

120

P – පොස්ෆරස්

මියුරියෙට්  ඔෆ් පොටෑෂ්

17

11

60

K- පොටෑසියම්

එප්පාවල රොක් පොස්පේට්

17

11

60

 

වගුව 03 :  තෙවන වසර සඳහා යෙදිය යුතු පොහොර ප්‍රමාණය වගා පරතරය අනුව

පෝෂකය

පොහොර වර්ගය

අඩි 4 x 3 පරතර

පඳුරකට ග්‍රෑම්

අඩි 4 x 2  පරතර

පඳුරකට ග්‍රෑම්

අක්කරයකට කිලෝග්‍රෑම්

N – නයිට්‍රජන්

යුරියා

50

33

180

P – පොස්ෆරස්

මියුරියෙට්  ඔෆ් පොටෑෂ්

25

16

90

K – පොටෑසියම්

එප්පාවල රොක් පොස්පේට්

25

16

90

වර්තමාන කාල ගුණ විපර්යාස, මූල්‍ය ගැටලු මෙන්ම පරිසර ගැටලු සලකා බලා, ස්ථානීය පස් සාම්පල පරීක්ෂණ  ප්‍රතිඵල අනුව, පොහොර භාවිතයට උපදෙස් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවෙන්  වගා කරුවන්ට  ලබාගත හැකිවේ.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact