සැලසුම් අංශය මගින් කෙරෙන කාර්යභාරය

  1. සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති සැලසුම් කිරීම:
    • කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාල සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති සැලසුම් කිරීම, අධීක්ෂණය හා ප්‍රගති පාලනය.
    • ජාතික ප්‍රතිපත්ති හා අවශ්‍යතාවලට අනුගතව, දෙපාර්තමේන්තුවේ කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන රාජ්‍ය ආයෝජන සැලසුම් කිරීම.
    • වෙන් වූ ප්‍රතිපාදන වලට අනුව සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ එම සැලසුම්වල භෞතික හා මූල්‍ය ප්‍රගතිය සමාලෝචනය කිරීම.
  2. ප්‍රගති පාලන පද්ධතිය ශක්තිමත් කිරීම:
    • සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාලව ව්‍යාපෘති අධීක්ෂණ හා ප්‍රගති පාලන පද්ධතිය ශක්තිමත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම.
    • මාසික, කාර්තුමය හා වාර්ෂික ප්‍රගති අමාත්‍යාංශය හා ඉහළ අධිකාරීන් වෙත ඉදිරිපත් කිරීම.
  3. වෙබ් අඩවිය හරහා යාවත්කාලීන කිරීම:
    • රු.මි.100 ඉක්මවා යන සංවර්ධන ව්‍යාපෘතිවල කාර්තුමය ප්‍රගතිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා යාවත්කාලීන කිරීම.
  4. වාර්ෂික ක්‍රියාත්මක සැලසුම්:
    • වාර්ෂික ක්‍රියාත්මක සැලසුම්වල භෞතික හා මූල්‍ය ඉලක්ක ලඟා කර ගැනීම සඳහා ප්‍රගති සමාලෝචන මෙහෙයවීම.
  5. කාර්ය සාධන වාර්තාව සකස් කිරීම:
    • වර්ෂ අවසානයේ කාර්ය සාධන වාර්තාව සකස් කර ඉදිරිපත් කිරීම.
  6. අයවැය ඇස්තමේන්තු සකස් කිරීම:
    • වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කර අදාල ආයතන වලට ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණය.
  7. පාර්ලිමේන්තු අයවැය කාරක සභා:
    • පාර්ලිමේන්තු අයවැය කාරක සභා අවස්ථා සඳහා වාර්ෂික ප්‍රගති පාලන වාර්තාව සකස් කර ඉදිරිපත් කිරීම.
  8. සම්බන්ධීකරණය:
    • සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැනි අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම තුලින් සංවර්ධන කටයුතු කාර්යක්ෂම කිරීම.
  9. දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය පවත්වාගෙන යාම:
    • දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සියලුම දත්ත පද්ධතිය පවත්වාගෙන යාම.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact