චීනයට කුරුඳු අපනයනය කිරීමේ ලාභදායී වෙළඳ මං පෙත් විවර කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි.

චීන මහජන සමූහාණ්ඩුවේ රේගු සාමාන්‍ය පරිපාලනය විසින් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ලංකා කුරුඳු ආනයනය කිරීම සඳහා නව ශාක සනීපාරක්‍ෂක අවශ්‍යතා ප්‍රකාශයට පත් කර ඇත. මෙම දෙරට අතර වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙය සැලකෙන අතර එමඟින් ශ්‍රී ලංකා කුරුඳු සඳහා චීන වෙළෙඳපොළ තුළ නව ව්‍යාපාරික අවස්ථා උදාවනු ඇත.

ප්‍රධාන විස්තර:

  • නියාමන රාමුව: චීනයේ “ජෛව ආරක්ෂණ නීතිය”, “ඇතුල්වීමේ සහ පිටවීමේ සත්ත්ව සහ ශාක නිරෝධායන නීතිය” සහ “ආහාර සුරක්ෂිතතා නීතිය” සම්බන්ධයෙන් 2023 අංක 145 දරන නිවේදනයේ දැඩි අවශ්‍යතා දක්වා ඇත. චීනයට ආනයනය කරන කුරුඳු වල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සහතික කිරීම මෙහි අරමුණයි.

 

  • නිෂ්පාදන නිර්වචනය: නව පාලන තන්ත්‍රයන් යටතේ, ලංකාවේ කුරුඳු ලෙස අපනයනය කළ හැක්කේ, ශ්‍රී ලංකාවේ වගා කර අස්වැන්නෙන් පසු වියළන ලද කුරුඳු පමණි.
  • ව්‍යාපාර ලියාපදිංචිය: ශ්‍රී ලංකාවේ කුරුඳු නිෂ්පාදකයින් චීනයේ රේගු පරිපාලනය සමඟ වගාවන් සහ සැකසුම් පහසුකම් අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතුය. ලියාපදිංචිය එහි ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කරන අතර අපනයනය කරන ලද නිෂ්පාදන වල අනුරේඛීයතාව පවත්වාගැනීමට  පහසුකම් සපයයි.

අවශ්‍යතා:

  • වගා මූලාශ්‍ර කළමනාකරණය: කුරුදු වගා ක්ෂේත්‍ර වල සක්‍රිය නිරීක්ෂණ පද්ධතියක් (traceability system) ස්ථාපිත කළ යුතුය. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) පිළිපැදිය යුතු වන අතර GAP සහතික ලබා තිබිය යුතුය.
  • සැකසුම් හා ඇසුරුම් ප්‍රමිතීන් : අපනයනය කරනු ලබන කුරුඳු, යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) අනුගමනය කරමින්, ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් අනුමත කරන ලද තත්ව  වල සැකසීම හා ඇසුරුම් කිරීම සිදු කළ යුතුය. මෙය පිරිසැකසුම් දාමය පුරා පිරිසිදුකම, සනීපාරක්ෂාව සහ දූෂණය වැළැක්වීම සහතික කරයි. ඇසුරුම් ද්‍රව්‍ය චීන රෙගුලාසි වලට අනුකූල විය යුතු අතර සවිස්තරාත්මක ලේබල් කිරීම ඇතුළත් විය යුතුය.

ආනයන ක්‍රියා පටිපාටි:

  • පූර්ව අපනයන පරීක්ෂාව: ආරම්භක අපනයන2% ක නියැදි අනුපාතයක් සහිතව දැඩි පූර්ව පිටත්වීමේ පරීක්ෂාවකට හා නිරෝධායනයට භාජනය වනු ඇත. වසර දෙකක් තුළ සාර්ථක අනුකූලතාව මෙය 1% දක්වා අඩු විය හැකිය.
  • පිවිසුම් පරීක්ෂාව: චීනයට පැමිණීමෙන් පසු, ආනයනය කරන ලද ලංකා කුරුඳු සියලු රෙගුලාසිවලට අනුකූල වීම සහතික කිරීම සඳහා ෆයිටොසනිටරි සහතික සහ භාණ්ඩ පරීක්ෂාවට භාජනය කරනු ලැබේ. අනුකූල නොවන නිෂ්පාදන ආපසු නැව්ගත කිරීම හෝ විනාශ කිරීමට යටත් වනු ඇත.

ශ්‍රී ලංකාවේ කුරුඳු අපනයනකරුවන්ට දැඩි තත්ත්ව සහ ආරක්‍ෂිත අවශ්‍යතාවලට යටත්ව චීන වෙළඳපොළට ඇතුළු වී ව්‍යාපාර පවත්වාගෙන යාමේ අවස්ථාවන්හි නව පරිච්ඡේදයක් විවෘත කර ඇත. වගා ඉඩම් සඳහා GAP සහ සැකසුම් මධ්‍යස්ථාන සඳහා GMP සකතිකකරණය ලබාගැනීම තුලින් චීන වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් ඇති හොඳම තත්ත්වයේ කුරුඳු සැපයීමට හැකියාව ලැබෙනු ඇත. මෙය ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර ජාත්‍යන්තර වෙළඳ සබඳතාවයේ විශ්වාසය සහ විශ්වසනීයත්වය වැඩි දියුණු කරයි. 

 මූලලේඛය Protocol බාගත කරන්න

ඔබ කුරුඳු සැකසුම් කරුවෙක් හෝ අපනයන කරුවෙක් නම් මෙම වැඩසටහන යටතේ චීනයට කුරුඳු අපනයනය කිරීමට බලාපොරොත්තු වන්නේනම් පහත යොමුව හරහා අප සමඟ ලියාපදිංචි වන්න. (https://forms.gle/gc6TDdXXTxgpfhqS7)

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact