තිහගොඩ ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය මගින් සපයනු ලබන සේවාවන්

1. විද්‍යාගාර විශ්ලේෂන සේවා
  • ප්‍රතීතනය වූ විද්‍යාගාර මගින් පස් සාම්පල පරීක්ෂා කර වාර්තා ලබා දීම.
  • ප්‍රතීතනය වූ විද්‍යාගාර මගින් කුරුඳු, කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන වල ප්‍රමිති පරාමිතීන් සහ කුරුඳු තෙල් අපනයනය කිරීමේදී අවශ්‍ය වන සංඝටක විශ්ලේෂණය.
2. ක්ෂේත්‍ර පරීක්ෂණ සේවා
  • කුරුඳු ඉඩම් පරීක්ෂා කර, වගාව වැඩි දියුණු කිරීමට හෝ පවත්නා වගාවෙහි ගැටළු විසඳා දීමට උපදෙස් ලබා දීම.
  • වගා ක්ෂේත්‍රයේ රෝග සහ පළිබෝධ හඳුනාගැනීම සහ කළමණාකරණ උපදෙස් ලබා දීම.
3. උපදේශන සේවා
  • තවාන් මට්ටමේ සිට ඉඩම් තෝරා ගැනීම, බෝග ස්ථාපනය, වගා කළමණාකරණය, අස්වනු සැකසීම, පසු අස්වනු තාක්ෂණය සහ අගය එකතු කළ නිෂ්පාදන සකස් කිරීම සඳහා උපදෙස් ලබා දීම.
4. පුහුණු සේවා
  • කුරුඳු කර්මාන්තයේ සෑම පියවරක් සඳහාම අවශ්‍ය පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීම.
  • ජංගම පුහුණු ඒකකය මඟින් ග්‍රාමීය මට්ටමේ පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කිරීම.
5. පර්යේෂණ සහායන් සහ වෙනත් සේවා
  • විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් සඳහා කර්මාන්තගත සේවාස්ථ පුහුණුව ලබා දීම.
  • නව කුරුඳු ප්‍රභේද සහ පර්යේෂණ කටයුතු සඳහා රෝපණ ද්‍රව්‍ය ලබා දීම.
  • කුරුඳු තෙල් නිස්සාරණ ඒකකය බාහිර පාර්ශවයන් සඳහා ගෙවීමේ පදනම යටතේ ලබා දීම.
  • කුරුඳු කැපුම් යන්ත්‍රය සහ කුරුඳු කැබලි කිරීමේ යන්ත්‍රය බාහිර පාර්ශවයන් සඳහා භාවිත කිරීමට අවස්ථාව ලබාදීම.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සේවාවන්

1.පැළ තවාන් ලියාපදිංචි කිරීම සහ මාර්ගෝපදේශනය
  • කුරුඳු පැළ තවාන් ලියාපදිංචි කිරීම.
  • නිකුත් කිරීමට සුදුසු පැළ සහතික කිරීම.
  • තවාන් ශිල්පීන්ට උසස් තත්ත්වයේ කුරුඳු පැළ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දීම.
2.ගොවි පුහුණු හා ක්ෂේත්‍ර දින වැඩසටහන්
  • යහපත් කෘෂිකාර්මික භාවිතයන්, ඵලදායීතා ප්‍රවර්ධනය සහ තිරසාර ගොවිතැන් ක්‍රම පිළිබඳව පුහුණු සැසි සහ ක්ෂේත්‍ර දින.
3. GAP ක්‍රියාත්මක කිරීම සහ සහතික කිරීමේ මාර්ගෝපදේශනය
  • යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) සහතිකය ලබා ගැනීම සඳහා සහාය.
4. GI අනුකූලතාව පිළිබඳ මාර්ගෝපදේශනය
  • අගය දාමයේ සියලු පුරුක් වෙත භූගෝලීය දර්ශක සහතිකකරණයට (GI) අනුකූලතාව ලබා ගැනීමට උපකාර කිරීම.
5.ස්ථානීය පාංශු pH පරීක්ෂණ
  • කුරුඳු සඳහා ප්‍රශස්ත අස්වැන්නක් සහතික කිරීම සඳහා පස් pH පරීක්ෂණ සිදු කිරීම.
6. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • කුරුඳු කර්මාන්තයේ විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා සංවර්ධන වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම.
7.ක්ෂේත්‍ර පරික්ෂණ හා උපදේශන සේවා
  • ප්‍රගතිය අධීක්ෂණය කිරීම සහ ගොවීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සඳහා නිතිපතා ක්ෂේත්‍ර පරීක්ෂණ පවත්වනු ලැබේ.
8. කර්මාන්තශාලා සඳහා තාක්ෂණික සහාය
  • කුරුඳු සැකසුම් කර්මාන්තශාලා පිහිටුවීම සඳහා තාක්ෂණික දැනුම සහ නිවැරදි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා මඟ පෙන්වීම.
9. අගය එකතු කිරීම සහ අපනයනය ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන්
  • අගය එකතු කිරීමේ ශිල්පීය ක්‍රම සහ අපනයන වෙළඳපල සූදානම කෙරෙහි අවධානය යොමු කළ විශේෂිත පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
10. සහතික කිරීමේ සහාය
  • GMP, HACCP සහ ISO තත්ත්ව සහතික ලබා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact