ක්ෂේත්‍රය සැකසීම
  • කුරුඳු සූර්යාලෝකය තදින් ප්‍රිය කරන ශාකයක් මෙන්ම සූර්යාලෝකය කුරුඳු අස්වැන්න මත ඍජුවම බලපායි. 
  • එම නිසා වගා භූමියට හොඳින් හිරු එලිය ලැබෙන සේ සෙවන ඉවත් කල යුතු ය. 

 

කුරුඳු වගාව සඳහා නිර්දේශිත පරතර සහ පැල සිටුවීම
  • තැනිතලා බිමක නම්  පේලි අතර අඩි 4, පැල අතර අඩි 3 (සෙ. මී. 120 × සෙ. මී. 90) වනසේ පැල සිටුවීම සිදු කරයි. එවිට හෙක්ටයාරයක් සඳහා වළවල් 9000ක් (3600/Ac) කැපීම සිදුකල හැකිවේ. 
  • බීජ පැල නම් එක් වලක් සඳහා නිරෝගී පැළ 5 – 8 ක් සහිත පැල බඳුනක්ද අතු පැල නම් එක වලක පැල 3 ක් ද  සිටුවීම සිදු කෙරෙයි.
  • බෑවුම 40% වඩා වැඩි බිමක නම් පාංශු සංරක්ෂණයට සුදුසු වන පරිදි  සහ පඳුර පාමුලට හිරු එළිය හොඳින් ලැබීම සදහා ඇතැම් විට අඩි 4 × අඩි 2 (සෙ. මී. 120 × සෙ. මී. 60) පරතරයට සමෝච්ච රේඛාවල පැල සිටුවීම සිදු කරයි. එවිට හෙක්ටයාරයට වළවල් 14,000ක් (5600/ac) කැපිය හැකි අතර එක් වලක් සඳහා නිරෝගී පැළ 3 – 5 ක ඇති බීජ පැල බඳුනක් සිටුවීම සඳහා ගතයුතු වේ.
  • පැල සිටුවීම සඳහා අඩි 1 × 1 × 1 (සෙ.මී. 30 × 30 × 30) ප්‍රමාණයෙන් වළවල් කපා ගත යුතු ය.

 

පැළ සිටුවීම
  • යල සහ මහ කන්න වලදී වර්ෂාව ආරම්භවීමත් සමඟම පැළ සිටුවීම ආරම්භ කරයි. වළකට ප්‍රමිතියෙන් යුතු එක් පැළ බඳුනක් වන ලෙස පැළ සිටුවා ගැනීම සිදු කරයි.
  • පැළ සිටුවීම සිදු කරන අවස්ථාවේදී මූලික පොහොර ලෙස ශක්තිමත් මූල පද්ධතියක් වර්ධනය කර ගැනීම සඳහා එප්පාවල රොක් ෆොස්පේට් (ERP) 25g ක් එකතු කිරීම සිදු කරයි.
  • කලින් රබර් වගා කල ඉඩම් වල හෝ රබර් වගාව ආශ්‍රිතව ඇති ඉඩම් වල කුරුඳු වගා කරන විට සුදු මුල් රෝගය වැළඳීමේ අවදානම අවම කර ගැනීම සඳහා, පැළ සිටුවීමට සතියකට පෙර වළවල් වලට ගෙන්දගම් (Sulphur) 10g බැගින් යෙදීම සිදුකල යුතු වේ.
  • අතු පැල සිටුවීමෙන් පසු පඳුරක් ලෙස පැතිරී වර්ධනය වන බැවින් ආධාරක සිටුවා කඳ සෘජුව සිටින සේ  බැඳීම කල යුතුය.  
කුරුඳු වගාවේ පාංශු පෝෂක කලමනාකරණය

පාංශු පෝෂක ශාකයේ මුල් මගින් උරා ගැනීමට හැකි ආකාරයට තිබීම අවශ්‍ය බැවින් පාංශු තෙතමනය තෙතමන සංරක්ෂණ ක්‍රම  මගින් රඳවා ගැනීම , පසේ ආම්ලිකතාවය – ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සහ පසේ හිතකර ක්ෂුද්‍ර ජීවීන් සඳහා පාංශු කළමනාකරණ ක්‍රම පවත්වාගැනීම අවශ්‍ය වේ. පසේ ආම්ලිකතාවය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා ඩොලමයිට භාවිතා කරන අතර , ඩොලමයිට් යොදා අවම වශයෙන් සති හයක කාලයක් ගතවූ පසු පොහොර දැමීම සිදු කරයි.

රසායනික පොහොර නිර්දේශයන්ට අමතරව ඒකාබද්ධ ශාක පෝෂක කලමණාකරණය එනම්  වසරක් සඳහා නිර්දේශිත රසයනික් පොහොර මිශ්‍රණයෙන් අඩක් (50 g )  සමග කොම්පෝස්ට් පොහොර කිලෝග්‍රෑම් එකක් එක් කුරුඳු පඳුරකට දැමීම  බහුවාර්ෂික බෝගයක් වන කුරුඳු සඳහා වඩාත් සුදුසුය. 

වගුව 01 :පළමු වසර සඳහා යෙදිය යුතු පොහොර ප්‍රමාණය වගා පරතරය  අනුව

පෝෂකය

පොහොර වර්ගය

අඩි 4 x 3 පරතර

පඳුරකට ග්‍රෑම්

අඩි 4 x 2  පරතර

පඳුරකට ග්‍රෑම්

අක්කරයකට කිලෝග්‍රෑම්

N – නයිට්‍රජන්

යුරියා

17

11

60

P – පොස්ෆරස්

මියුරියෙට්  ඔෆ් පොටෑෂ්

8

6

30

K – පොටෑසියම්

එප්පාවල රොක් පොස්පේට්

8

6

30

 

වගුව 02 :  දෙවන වසර සඳහා යෙදිය යුතු පොහොර ප්‍රමාණය වගා පරතරය  අනුව

පෝෂකය

පොහොර වර්ගය

අඩි 4 x 3 පරතර

පඳුරකට ග්‍රෑම්

අඩි 4 x 2  පරතර

පඳුරකට ග්‍රෑම්

අක්කරයකට කිලෝග්‍රෑම්

N – නයිට්‍රජන්

යුරියා

34

22

120

P – පොස්ෆරස්

මියුරියෙට්  ඔෆ් පොටෑෂ්

17

11

60

K- පොටෑසියම්

එප්පාවල රොක් පොස්පේට්

17

11

60

වගුව 03 :  තෙවන වසර සඳහා යෙදිය යුතු පොහොර ප්‍රමාණය වගා පරතරය අනුව

පෝෂකය

පොහොර වර්ගය

අඩි 4 x 3 පරතර

පඳුරකට ග්‍රෑම්

අඩි 4 x 2  පරතර

පඳුරකට ග්‍රෑම්

අක්කරයකට කිලෝග්‍රෑම්

N – නයිට්‍රජන්

යුරියා

50

33

180

P – පොස්ෆරස්

මියුරියෙට්  ඔෆ් පොටෑෂ්

25

16

90

K – පොටෑසියම්

එප්පාවල රොක් පොස්පේට්

25

16

90

වර්තමාන කාල ගුණ විපර්යාස, මූල්‍ය ගැටලු මෙන්ම පරිසර   ගැටලු සලකා බලා, ස්ථානීය පස් සාම්පල පරීක්ෂණ  ප්‍රතිඵල අනුව, පොහොර භාවිතයට උපදෙස් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවෙන්  වගා කරුවන්ට  ලබාගත හැකිවේ.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact