කුරුඳු වගාව සඳහා අවශ්‍ය පාරිසරික සාධක

උෂ්ණත්වය

  • කුරුඳු වගාව සඳහා ප්‍රශස්ත උෂ්ණත්වය 25 °C ත් 35 °C ත් අතර අගයක් වන අතර වාර්ෂික වර්ෂාපතනය 1875 mm වඩා වැඩි ප්‍රදේශ වල වර්ෂා ජලයෙන් කුරුඳු සිටුවිය හැකිය. නමුත් වාර්ෂික වර්ෂාපතනය 1875 mm වඩා අඩු වියළි ප්‍රදේශවල දී ප්‍රමාණවත් ජල සම්පාදනයක් සහිතව කුරුඳු වගා කිරීමට යොදා ගත හැක. 

උන්නතාංශය 

  • මුහුදු මට්ටමේ සිට 700m දක්වා වූ උච්චත්වයක් තෙක් කුරුඳු වාණිජ ලෙස වගා කල හැකිය. වඩා වැඩි උච්චත්ව වලදී කුරුඳු ශාකයේ වර්ධනය දුර්වල වේ. 

ආර්ද්‍රතාවය

  • ප්‍රශස්ත මට්ටම ලෙස 75 -85% වූ ආර්ද්‍රතාවයක් කුරුඳු සඳහා සුදුසු වුව ද වියළි කලාපයේ අඩු ආර්ද්‍රතා තත්ව යටතේ ඇති ඉඩම්වල ක්ෂුද්‍ර පාරිසරික තත්ත්ව (micro climatic condition) ඇති කිරීම මගින් වගාව කළමනාකරණය කර ගත හැකිය.

 

  • ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ රැළි බිම් වල ඇති රතු පස කුරුඳු වගාව සඳහා බහුලව යොදා ගන්නා ඉඩම් වල දක්නට ලැබේ. රතුපස් වර්ග, බෑවුම් සහිත ඉඩම්වල දැකිය හැකි අතර ඒවා වඩාත් ආම්ලික වන අතර රතුකහ පොඩ්සොලික මහා පස් කාණ්ඩයට අයත් ශ්‍රේණි කීපයක් ඉඩමේ බෑවුම් ස්වභාවය අනුව එකම වගා වපසරිය තුල පැවතිය හැක. එම ප්‍රදේශවල තැනිතලා බිම්වල සහ මුහුදුබඩ ආශ්‍රිතව ඇති වැලි හෝ වැලි ලෝම පස කුරුඳු වගාව සඳහා උචිත මූලික පස් වර්ග වේ. වියළි කලාපයේ ඇතැම් ප්‍රදේශ වල සුදුසු කළමනාකරණ ක්‍රම සහිතව කුරුඳු වගාකිරීමට හැක්කියාව සහිත පස් කාණ්ඩ දක්නට ලැබේ.
භුමිය යෝග්‍ය නොවන අවස්ථා   
  • මීටර 1 අඩු පාංශු ගැඹුර ඇති,  ගල් සහිත, ක්‍රමවත් ලෙස පාංශු ස්ථර ඔස්සේ ජලය බැස නොයන එනම් දුර්වල ජලවහනය (Poor Drainage) සහිත, භූගත ජල මට්ටම නිරන්තරයෙන් වෙනස් වන  (water table fluctuation), ජලය එක් රැස්වන (Water logging) සහ ලවණතාවය (salinity) සහිත ඉඩම් වාණිජ කුරුඳු වගාවක් සඳහා සුදුසු නොවේ. ඉඩමේ ආනතිය 60% වැඩි අවස්ථා වගාව සඳහා යොදාගැනීම සුදුසු නොවේ.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact