කුරුඳු වගාවේ පාංශු පෝෂක කලමනාකරණය
පාංශු පෝෂක ශාකයේ මුල් මගින් උරා ගැනීමට හැකි ආකාරයට තිබීම අවශ්‍ය බැවින් පාංශු තෙතමනය, තෙතමන සංරක්ෂණ ක්‍රම මගින් රඳවා ගැනීම , පසේ ආම්ලිකතාවය – ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සහ පසේ හිතකර ක්ෂුද්‍ර ජීවීන් සඳහා පාංශු කළමනාකරණ ක්‍රම පවත්වාගැනීම අවශ්‍ය වේ. පසේ ආම්ලිකතාවය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා ඩොලමයිට භාවිතා කරන අතර , ඩොලමයිට් යොදා අවම වශයෙන් සති හයක කාලයක් ගතවූ පසු පොහොර දැමීම සිදු කරයි.
රසායනික පොහොර නිර්දේශයන්ට අමතරව ඒකාබද්ධ ශාක පෝෂක කලමණාකරණය එනම් වසරක් සඳහා නිර්දේශිත රසයනික් පොහොර මිශ්‍රණයෙන් අඩක් (50 g ) සමග කොම්පෝස්ට් පොහොර කිලෝග්‍රෑම් එකක් එක් කුරුඳු පඳුරකට දැමීම බහුවාර්ෂික බෝගයක් වන කුරුඳු සඳහා වඩාත් සුදුසුය.
වගුව 01 :පළමු වසර සඳහා යෙදිය යුතු පොහොර ප්‍රමාණය වගා පරතරය අනුව | ||||
පෝෂකය | පොහොර වර්ගය | අඩි 4 x 3 පරතර පඳුරකට ග්‍රෑම් | අඩි 4 x 2 පරතර පඳුරකට ග්‍රෑම් | අක්කරයකට කිලෝග්‍රෑම් |
N – නයිට්‍රජන් | යුරියා | 17 | 11 | 60 |
P – පොස්ෆරස් | මියුරියෙට් ඔෆ් පොටෑෂ් | 8 | 6 | 30 |
K – පොටෑසියම් | එප්පාවල රොක් පොස්පේට් | 8 | 6 | 30 |
වගුව 02 : දෙවන වසර සඳහා යෙදිය යුතු පොහොර ප්‍රමාණය වගා පරතරය අනුව | ||||
පෝෂකය | පොහොර වර්ගය | අඩි 4 x 3 පරතර පඳුරකට ග්‍රෑම් | අඩි 4 x 2 පරතර පඳුරකට ග්‍රෑම් | අක්කරයකට කිලෝග්‍රෑම් |
N – නයිට්‍රජන් | යුරියා | 34 | 22 | 120 |
P – පොස්ෆරස් | මියුරියෙට් ඔෆ් පොටෑෂ් | 17 | 11 | 60 |
K- පොටෑසියම් | එප්පාවල රොක් පොස්පේට් | 17 | 11 | 60 |
වගුව 03 : තෙවන වසර සඳහා යෙදිය යුතු පොහොර ප්‍රමාණය වගා පරතරය අනුව | ||||
පෝෂකය | පොහොර වර්ගය | අඩි 4 x 3 පරතර පඳුරකට ග්‍රෑම් | අඩි 4 x 2 පරතර පඳුරකට ග්‍රෑම් | අක්කරයකට කිලෝග්‍රෑම් |
N – නයිට්‍රජන් | යුරියා | 50 | 33 | 180 |
P – පොස්ෆරස් | මියුරියෙට් ඔෆ් පොටෑෂ් | 25 | 16 | 90 |
K – පොටෑසියම් | එප්පාවල රොක් පොස්පේට් | 25 | 16 | 90 |
වර්තමාන කාල ගුණ විපර්යාස, මූල්‍ය ගැටලු මෙන්ම පරිසර ගැටලු සලකා බලා, ස්ථානීය පස් සාම්පල පරීක්ෂණ ප්‍රතිඵල අනුව, පොහොර භාවිතයට උපදෙස් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් වගා කරුවන්ට ලබාගත හැකිවේ.