යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP)

ගොවිපල මට්ටමින් කරන ගොවිතැන් හා එහි කළමනාකරණ කටයුතු වලදී හා පශ්චාත් නිෂ්පාදන කටයුතු වලදී සෞඛ්‍ය ආරක්ෂිත හා ගුණාත්මක ආහාරමය හා ආහාරමය නොවන කෘෂිකාර්මික නිෂ්පාදන ලබා ගැනීමට සිදු කරන ගොවිපල ශෂ්‍ය විද්‍යාත්මක, පාරිසරික, ආර්ථික හා සමාජීය තිරසාර බව සහතික කිරීමට අදාළ සමස්ත ක්‍රියාදාමය, ප්‍රශස්ථ හා සම්මත මට්ටමින් කිරීම යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (Good Agricultural Practices) ලෙස හැඳින්වේ (FAO, 2003). මෙම මූලධර්ම සැලසුම් කර ඇත්තේ දූෂණය වීමේ අවදානම අවම කිරීම, ස්වභාවික සම්පත් වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීම සහ සේවකයන්ගේ සහ ප්‍රජාවන්ගේ සුභසාධනය සහතික කරන ක්‍රම ක්‍රියාත්මක කිරීමෙන් උසස් තත්ත්වයේ සහ ආරක්ෂිත කෘෂිකාර්මික නිෂ්පාදන, නිෂ්පාදනය කිරීමට ගොවීන්ට මග පෙන්වීම සඳහා . පාංශු සෞඛ්‍යය, ජල කළමනාකරණය, පළිබෝධ පාලනය, සත්ව සුබසාධනය සහ රසායනික ද්‍රව්‍ය භාවිතය ඇතුළුව ගොවිතැනේ විවිධ අංශ GAP මගින් ආවරණය කරයි. GAP ප්‍රමිතීන්ට අනුගත වීමෙන්, ගොවීන්ට තම මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට, වෙළඳපල ප්‍රවේශය ලබා ගැනීමට සහ කෘෂිකාර්මික අංශයේ සමස්ත තිරසාරභාවයට දායක විය හැක.

යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වල අවශ්‍යතාවය
  • ආහාර සුරක්ෂිතතාව: GAP සහතිකය මඟින් කෘෂිකාර්මික නිෂ්පාදන නිෂ්පාදනය, හැසිරවීම සහ ගබඩා කිරීම අපවිත්‍ර වීමේ අවදානම අවම කිරීම සහතික කරයි.
  • වෙළඳපල ප්‍රවේශය: GAP සහතිකය සහිත ගොවීන්ට වඩා ලාභදායී වෙළෙඳපොළ වෙත ප්‍රවේශ විය හැකිය.
  • පාරිභෝගික විශ්වාසය: GAP සහතිකකරණය මගින් පාරිභෝගිකයින් සමඟ විශ්වාසය ගොඩනඟා ගන්නේ ඔවුන් මිලදී ගන්නා නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය පිළිබඳ ඉහළ ප්‍රමිතීන්ට අනුව වගා කර ඇති බව පෙන්නුම් කිරීමෙනි. මෙය වැඩි ඉල්ලුමක් සහ සන්නාම පක්ෂපාතීත්වයට හේතු විය හැක.
  • තිරසාර බව: GAP සහතිකකරණය මගින් කාර්යක්ෂම ජල භාවිතය, පාංශු සංරක්ෂණය සහ රසායනික භාවිතය අඩු කිරීම වැනි පරිසර හිතකාමී භාවිතයන් ප්‍රවර්ධනය කරයි.
  • ආර්ථික ප්‍රතිලාභ: GAP ක්‍රියාවට නැංවීමෙන් ගොවීන්ට ඔවුන්ගේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට, නාස්තිය අවම කිරීමට සහ නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට හැකි වේ
  • සේවක සෞඛ්‍යය සහ ආරක්ෂාව: GAP ප්‍රමිතීන්ට බොහෝ විට ගොවිපල කම්කරුවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා මාර්ගෝපදේශ ඇතුළත් වේ.
  • රෙගුලාසි වලට අනුකූල වීම: GAP සහතිකකරණය මගින් ගොවීන්ට ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර රෙගුලාසි වලට අනුකූල වීමට උපකාර කරයි.
  • තත්ත්ව වැඩිදියුණු කිරීම: GAP විසින් දිරිමත් කරන ලද ක්‍රමානුකූල ප්‍රවේශය ස්ථාවර සහ උසස් තත්ත්වයේ කෘෂිකාර්මික නිෂ්පාදන වෙත යොමු කරයි.
  • අවදානම් කළමනාකරණය: GAP මඟින් වගා ක්‍රියාවලිය පුරාවටම, නිෂ්පාදනයේ සිට පසු අස්වනු හැසිරවීම දක්වා අවදානම් හඳුනා ගැනීම සහ අවම කිරීම සඳහා රාමුවක් සපයයි.

 

GAP සඳහා වූ ක්ෂේත්‍ර වැඩසටහන
  • පියවර 1 ගොවියාට අදාළ වූ සුදුසු භූමියක් තේරීම හා වගා කිරීමහෝ දැනට වගාව පවතින ක්ෂේත්‍ර සඳහා ප්‍රධාන අස්වැන්න නෙලීමෙන් පසු නව වගාවක් ලෙස සලකා GAP ක්‍රියාදාමය සහතිකකරණය සඳහා ආරම්භ කළ හැක.
  • පියවර 2 පාරිසරික තිරසාර භාවය ආරක්ෂා වන පරිදි කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිර්දේශ වලට අනුකූලව බිම් පිළියෙල කිරීම.
  • පියවර 3 ගුණාත්මක සහතික කල බීජ හා රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීම.
  • පියවර 4 නියමිත පරතර අනුව බෝගය ක්ෂේත්‍රයේ පිහිටුවීම.
  • පියවර 5 ජල සම්පාදන හා ජල කළමනාකරණය, නිර්දේශිත පරිදි පොහොර යෙදීම (කාබනික හා රසායනික), ඒකාබද්ධ පළිබෝධ හා රෝග පාලනය.
  • පියවර 6 – පළිබෝධනාශක කළමනාකරණය, සේවක සෞඛ්‍ය, ආරක්ෂාව හා සුබසාධනය, ගොවිපල යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම.
  • පියවර 7 – අස්වනු නෙලීම හා ගුණාත්මය ආරක්ෂා වන පරිදි පරිහරණය.
  • පියවර 8 – නිෂ්පාදන වල ගුණාත්මය ආරක්ෂා වන පරිදි ප්‍රවාහනය.
  • පියවර 9 ඉහත සියලු පියවරයන් තුලදී ලේඛන හා වාර්තා නඩත්තු කිරීම හා ගොවිපල තුල අභ්‍යන්තර විගණන කටයුතු සිදු කිරීම.

 

ගොවිපලකට, සමූපකාර ගොවිපලකට හෝ ගොවි සංවිධානයකට GAP සහතිකය ලබා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග
  • පියවර 1 – තනි තනි ගොවීන් හෝ සමූපකාර ගොවිපල හෝ ගොවි සමිති ලෙස සංවිධානය වීම හා GAP අයදුම්පත නිසිපරිදි සම්පූර්ණ කර කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
  • පියවර 2 –   දෙපාර්තමේන්තුවේ GAP වැඩසටහන ක්‍රියාත්මක කරන අංශය විසින් අයදුම්පත විමර්ශනය කර ලියාපදිංචි අංකයක් ලබාදීම.
  • පියවර 3 –  ක්‍රියාත්මක කරන අංශය විසින් GAP ක්‍රියාදාමයට නියමිත සම්මත අනුව ඊට අනුගතවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අයදුම්කරුවන් දැනුවත් කිරීම හා ක්ෂේත්‍ර පරීක්ෂා කර සුදුසු උපදෙස් ලබාදීම.
  • පියවර 4 –  නිසි පරිදි අනුගත වූ අයදුම්කරුවන් විගණනය කිරීම සඳහා විගණන අංශය වෙත අයදුම්පත යොමුකිරීම.
  • පියවර 5 – විගණන අංශය විසින් අදාළ ක්ෂේත්‍ර පරීක්ෂාව කොට තවදුරටත් සිදුවිය යුතු අනුගතවීම් පිළිබඳව අයදුම්කරුවන් හා ක්‍රියාත්මක කරන අංශය දැනුවත් කිරීම.
  • පියවර 6 –  අයදුම්කරුවන් විසින් අදාළ අනුගතවීම් සියල්ල සිදුකර අවසන් කොට ක්‍රියාත්මක කරන අංශය හරහා නැවත දෙවන විගණනය සඳහා විගණන අංශය වෙත දැනුම් දීම.
  • පියවර 7 –  විගණන අංශය විසින් අදාළ ක්ෂේත්‍ර නැවත පරීක්ෂාව කොට නියමිත අනුගතවීම් සියල්ල සම්පූර්ණ කර ඇති අයදුම්කරුවන්ගේ තොරතුරු සහතිකකරණ අංශය වෙත යොමුකිරීම හෝ තවදුරටත් සිදුවිය යුතු අනුගතවීම් පවතී නම් ඒවා සම්පුර්ණ කිරීම සඳහා නැවත දැනුම් දීම.
  • පියවර 8 –  සහතිකකරණ බළධාරී විසින් සමත් වූ අයදුම්කරුවන් සඳහා GAP සහතිකය නිකුත්කිරීම හෝ දෙවන විගණනයෙන් අසමත් වූ අයදුම්කරුවන් නැවතත් නියමිත අනුගතවීම් සියල්ල සිදුකර ක්‍රියාත්මක කරන අංශය හරහා තෙවන විගණනය සඳහා විගණන අංශය වෙත දැනුම් දීම.
  • පියවර 9 –  විගණන අංශය විසින් තෙවන විගණනය සිදුකොට ඉන් සමත් වන අයදුම්කරුවන්ගේ තොරතුරු සහතිකකරණ අංශය වෙත යොමුකිරීම හෝ ඉන්ද අසමත් වන අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඉවත්කිරීම.
    • (*කෙසේ වෙතත් මෙහිදී ඉවත්වන අයදුම්කරුවන්ට අදාළ අනුගතවීම් සියල්ල සිදුකර GAP සහතිකය සඳහා නැවත ඉල්ලීම් කල හැක)
  • පියවර 10 තෙවන විගණනයෙන් සමත් වූ අයදුම්කරුවන් සඳහා සහතිකකරණ බළධාරී විසින් GAP සහතිකය නිකුත්කිරීම

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact