පාලන අංශය මගින් සිදු කරන කාර්යභාරය

  1. කාර්ය මණ්ඩල කටයුතු:
    • කාර්ය මණ්ඩල අනුමත කිරීම හා යාවත්කාලීන කිරීම.
    • නිලධාරීන් බඳවා ගැනීම, ස්ථාන මාරු කිරීම, උසස් කිරීම, හා විනය පාලනය ඇතුළු ආයතනික කාර්යයන් ඉටු කිරීම.
    • දෙපාර්තමේන්තුගත තනතුරු සඳහා බඳවා ගැනීමේ පටිපාටි සකස් කිරීම.
  2. සේවා කළමනාකරණය:
    • දීප ව්‍යාප්ත සේවා නිලධාරීන් අනුයුක්ත කිරීම, ස්ථාන මාරු කිරීම, උසස් කිරීම හා විනය පාලනය.
    • කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සම්බන්ධිකරණය කිරීම.
  3. සංචාරක නිවාස පරිපාලනය:
    • මාතර පලොල්පිටියේ පිහිටි සංචාරක නිවාසයේ පරිපාලනය හා මෙහෙයුම් කටයුතු.
  4. මූලධන වත්කම් කළමනාකරණය:
    • ප්‍රධාන කාර්යාලය හා ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිලි, යන්ත්‍ර, උපකරණ, වාහන, ගෘහ භාණ්ඩ, කාර්යාලීය උපකරණ, ඉඩම් වැඩිදියුණු කිරීම, මෘදුකාංග සංවර්ධනය, හා මූලධන වත්කම් පරිපාලනය.
  5. පැමිණිලි කළමනාකරණය:
    • මහජන පැමිණිලි කළමනාකරණය.
  6. මානව සම්පත් සංවර්ධනය:
    • මානව සම්පත් සංවර්ධන සැලසුම් පිළියෙල කිරීම හා ක්‍රියාත්මක කිරීම.
    • රාජ්‍ය නිලධාරීන්ගේ අත්තිකාරම් ලබාදීමට අදාළ කටයුතු.
  7. පාර්ලිමේන්තු කටයුතු:
    • අමාත්‍යාංශය මඟින් යොමු කළ යුතු පාර්ලිමේන්තු ප්‍රශ්න සඳහා පිළිතුරු සකස් කිරීම.
    • අමාත්‍ය මණ්ඩල සංදේශ පිළියෙල කිරීම.
  8. සම්බන්ධිකරණය හා වාර්තා ඉදිරිපත් කිරීම:
    • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පරිපාලන කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්), මහජන පෙත්සම් කාරක සභාව, අංශික අධීක්ෂණ කාරක සභා හා පාර්ලිමේන්තු උපදේශන කාරක සභාව වෙත ලේඛන හා වාර්තා යොමු කිරීම හා සම්බන්ධිකරණය කිරීම.
  9. වාහන පරිපාලනය හා නඩත්තුව:
    • වාහන පරිපාලනය හා නඩත්තුව.
  10. නෛතික හා ව්‍යවස්ථාපිත කාර්යයන්:
    • කුරුඳු සංවර්ධන පනතට අදාළ නෛතික හා ව්‍යවස්ථාපිත කාර්යයන් සම්පාදනය.
  11. කාර්යාල උපයෝගිතා සේවා:
    • කාර්යාලයේ උපයෝගිතා සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම.



කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact