ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය (NCR&TC) කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන අතර එය ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා කැප වූ ව්‍යවස්ථාපිත වගකීම් දරන එකම පර්යේෂණ මධ්‍යස්ථානය වේ. කුරුඳු කර්මාන්තයේ යහපත උදෙසා, කුරුඳු වගාව සහ සැකසීමේ සියලු අංශ පිළිබඳව පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම එහි වගකීම වේ. ප්‍රධාන අංශ හතරක් තුළ පර්යේෂණ කටයුතු සිදු කෙරේ.

  1. ශෂ්‍ය විද්‍යා සහ බෝග වැඩි දියුණු කිරීම
  2. පාංශු හා ශාක පෝෂණය
  3. ශාක ආරක්ෂණය
  4. පසු අස්වනු තාක්ෂණය

පර්යේෂණ අංශය

ප්‍රධාන පර්යේෂණ ක්ෂේත්‍ර

ශෂ්‍ය විද්‍යා සහ බෝග වැඩි දියුණු කිරීම

  • කුරුඳු සඳහා පාරිසරික වශයෙන් තිරසාර කෘෂිකාර්මික පිළිවෙත්
  • උසස් තත්ත්වයේ කුරුඳු දර්ශ වැඩි දියුණු  කිරීම
  • පස සංරක්ෂණය කිරීම සඳහා කුරුඳු සඳහා යහපත් කෘෂි පිළිවෙත් වැඩි දියුණු කිරීම 
  • කුරුඳු වල ජාන එකතුවක් පවත්වාගෙන යාම සහ අධ්‍යයනය 
  • කුරුඳු සඳහා විකල්ප තවාන් භාජන
  • තවාන් භාජන සඳහා පෝෂක එකතු කිරීමේ සැලැස්ම
  • ගුණාත්මක බීජ සහ අතු මගින් ප්‍රචාරණය සඳහා තවාන් කළමනාකරණ පිළිවෙත්

පාංශු හා ශාක පෝෂණය


  • ඒකාබද්ධ පාංශු පෝෂක කලමනාකරණ ක්‍රම අධ්‍යනය 
  • කාබනික කුරුඳු වගාවක් සඳහා යොදා ගත හැකි අමුද්‍රව්‍ය පිළිබඳ අධ්‍යනය
  • වර්තමාන රසයනක පොහොර නිර්දේශය යාවත්කාලින කිරීම සඳහා විවිධ  රසායනික පොහොර  ප්‍රමාණ අධ්‍යනය
  • නව කුරුඳු ප්‍රබේද සඳහා පෝෂක කළමනාකරණ ක්‍රම අධ්‍යනය 
  • නව රසායනික පොහොර මුලාශ්‍ර සහ  සංයුක්ත රසයනික පොහොර පිළිබඳ අධ්‍යනය 
  • කුරුඳු ඉඩම් සඳහා යොදා ගතහැකි පාංශු සත්කාරක /ආකලන ද්‍රව්‍ය පිළිඹඳ අධ්‍යනය 
  • කුරුඳු තාවන් සඳහා විකල්ප තාවන් මිශ්‍රණ පිළිබඳ අධ්‍යනය  
  • සම්ප්‍රදායික නොවන කුරුඳු වග කරන ප්‍රදේශ සඳහා පෝෂක කළමනාකරණ ක්‍රම පිළිබඳ අධ්‍යනය 

ශාක ආරක්ෂණය

  • ශ්‍රී ලංකාවේ කුරුඳු වගාවේ රෝස කඳ පණුවාගේ හානිය කළමණාකරණය කිරීම
  • කුරුඳු පැළ තවාන් වල රෝග හා පළිබෝධ හානි කළමනාකරණය 
  • කුරුඳු ශාකයේ සුදු මුල් රෝගයේ රෝගවිද්‍යා අධ්‍යයනය සහ රෝග කළමනාකරණය
  • කුරුඳු පැළ මැක්කාගේ ගහණ විචලනය සහ හානිය
  • කුරුඳු යොදාගෙන මදුරු විකර්ෂක හැකියාව විශ්ලේෂණය

පසු අස්වනු තාක්ෂණය

  • කුරුඳු කූරු සහ පොතු කැබලි (ෆෙදරින්ස්) ගබඩා කිරීමේදී විවිධ ප්‍රාථමික ඇසුරුම් ක්‍රම භාවිතය 
  • පලතුරු කල්තබා ගැනීම  සඳහා කුරුඳු තෙල් භාවිතය
  • කුරුඳු වල ඖෂධිය භාවිතයන් අධ්‍යනය
  • අස්වනු ලබාගැනීමේ ක්‍රියාවලිය නිසි ලෙස කිරීම පිළිබද අධ්‍යනය
  • සල්ෆර් ධූමකරණයෙන් පසු කුරුඳු කූරුවල ගුණාත්මක භාවයට වන බලපෑම
  • කුරුඳු රසකාරකය ලෙස යොදාගනිමින් සිදුකල හැකි අගය එකතු කල නිෂ්පාදන පිලිබදව අධ්‍යනය
  • කුරුඳු සැකසීමේ සෞඛ්‍යාරක්ෂිත  පිළිවෙත් භාවිතයන් වැඩි දියුණු කිරීම

අනෙක්

  • කුරුඳු තෙල් නිස්සාරකවල ආර්ථික පැතිකඩ
  • කුරුඳු අගය දාමයෙහි සමාජ විද්‍යාත්මක පසුබිම
  • ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයෙහි පුහුණු වැඩසටහන් පිළිබඳ ඇගයීම
  • පාරිසරික දේශගුණික වෙනස්වීම් කුරුඳු අගය දාමය සඳහා සමාජ විද්‍යාත්මකව බලපාන අයුරු



කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact