සැලසුම් අංශය මගින් කෙරෙන කාර්යභාරය
- සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති සැලසුම් කිරීම:
- කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාල සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති සැලසුම් කිරීම, අධීක්ෂණය හා ප්‍රගති පාලනය.
- ජාතික ප්‍රතිපත්ති හා අවශ්‍යතාවලට අනුගතව, දෙපාර්තමේන්තුවේ කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන රාජ්‍ය ආයෝජන සැලසුම් කිරීම.
- වෙන් වූ ප්‍රතිපාදන වලට අනුව සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ එම සැලසුම්වල භෞතික හා මූල්‍ය ප්‍රගතිය සමාලෝචනය කිරීම.
- ප්‍රගති පාලන පද්ධතිය ශක්තිමත් කිරීම:
- සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාලව ව්‍යාපෘති අධීක්ෂණ හා ප්‍රගති පාලන පද්ධතිය ශක්තිමත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම.
- මාසික, කාර්තුමය හා වාර්ෂික ප්‍රගති අමාත්‍යාංශය හා ඉහළ අධිකාරීන් වෙත ඉදිරිපත් කිරීම.
- වෙබ් අඩවිය හරහා යාවත්කාලීන කිරීම:
- රු.මි.100 ඉක්මවා යන සංවර්ධන ව්‍යාපෘතිවල කාර්තුමය ප්‍රගතිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා යාවත්කාලීන කිරීම.
- වාර්ෂික ක්‍රියාත්මක සැලසුම්:
- වාර්ෂික ක්‍රියාත්මක සැලසුම්වල භෞතික හා මූල්‍ය ඉලක්ක ලඟා කර ගැනීම සඳහා ප්‍රගති සමාලෝචන මෙහෙයවීම.
- කාර්ය සාධන වාර්තාව සකස් කිරීම:
- වර්ෂ අවසානයේ කාර්ය සාධන වාර්තාව සකස් කර ඉදිරිපත් කිරීම.
- අයවැය ඇස්තමේන්තු සකස් කිරීම:
- වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කර අදාල ආයතන වලට ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණය.
- පාර්ලිමේන්තු අයවැය කාරක සභා:
- පාර්ලිමේන්තු අයවැය කාරක සභා අවස්ථා සඳහා වාර්ෂික ප්‍රගති පාලන වාර්තාව සකස් කර ඉදිරිපත් කිරීම.
- සම්බන්ධීකරණය:
- සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැනි අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම තුලින් සංවර්ධන කටයුතු කාර්යක්ෂම කිරීම.
- දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය පවත්වාගෙන යාම:
- දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සියලුම දත්ත පද්ධතිය පවත්වාගෙන යාම.