සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ධිකයේ ප්‍රධාන කුළුණක් වන අතර විදේශ විනිමය ඉපයීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා දැවැන්ත දායකත්වයක් සපයයි. ලෝකයේ ගුණාත්මකම කුරුඳු ලෙස හැඳින්වෙන ලංකාවට ආවේනික සත්‍ය කුරුඳු, අප රටේ අනන්‍යත්වය ප්‍රවර්ධනය කිරීමට විශේෂ ස්ථානයක් ගනියි.
ලංකා කුරුඳු සඳහා ගෝලීය පිළිගැනීම වැඩිදියුණු කිරීමටත්, අපනයන ශක්තිමත් කිරීමටත්, ග්‍රාමීය ප්‍රජාවන් සවිබල ගැන්වීම උදෙසාත්, සංචාරක කලාප වල කුරුඳු ආශ්‍රිත අගය එකතු කල නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත. කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින් හට වඩාත් ගුණාත්මක නිශ්පාදන සිදුකිරීමට මෙන්ම අගය එකතු කර වැඩි ආදායමක් උත්පාදනය කිරීමට අවශ්‍ය සහය අප විසින් නිරතුරුවම සපයනු ලැබේ.
මිරිස්ස සංචාරක කලාපය ඉලක්ක කරමින් ලංකා කුරුඳු ප්‍රවර්ධනය කිරීම උදෙසා කුරුඳු ආශ්‍රිත නිශ්පාදන අලෙවිසැලක් Jaith Ceylon Cinnamon Pvt Ltd ආයතනය විසින් Mirissa House හෝටල් පරිශ්‍රයේදී 2025-01-10 වන දින ආරම්භ කරන ලදී. මෙම උත්සවය සඳහා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා, ශ්‍රී ලංකා කුරුඳු පිළිබඳ ආරක්ෂක භූගෝලීය දර්ශක සංගමයේ සාමාජිකයන්, මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටල් කිහිපයක හිමිකරුවන්, හා සංචාරකයින් කිහිපදෙනෙක්ද සම්බන්ධ විය.