Ceylon Cinnamon Geographical Indication (GI) සංනාමය සහිත කුරුදු නිෂ්පාදන ප්‍රවර්ධනය

Ceylon Cinnamon Geographical Indication (GI) සංනාමය සහිත කුරුදු නිෂ්පාදන ප්‍රවර්ධනය සදහා ප්‍රදර්ශන කුටියක් සහ අලෙවි සැලක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ පිටත්වීමේ පර්‍යන්තයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ පිහිටුවීමට අදාලව නිරීක්ෂණ චාරිකාවක් 2026.07.20 දින එම පරිශ්‍රයේදී සිදුකරන ලදි. මේ අවස්ථාව සදහා කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා, ලංකා කුරුදු ආරක්ෂිත භූගෝලීය දර්ශ සංගමයේ නිළධාරීන් සහ    ශ්‍රී ලංකා ගුවන්තොටුපොල හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ නිළධාරින් සහභාගිවිය. ඉදිරියේදී ලංකා කුරුදු සංනාමය ප්‍රවර්ධනයට අදාලව අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් විදේශීය සංචාරකයන්,විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, සංචාරක සමාගම්, ගුවන්සේවා සමාගම් ඉලක්ක කරගෙන කටයුතු ආරම්භ කිරීමට කටයුතු සිදුකිරීම මෙහි ප්‍රධාන අරමුණ  වනු ඇත.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact